Saturday, September 21, 2024

General line - 0115112241

යහපාලන කතුන් ගැටෙයි




රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගේ සහ එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසන සංවිධායිකා රෝස් ප‍්‍රනාන්දුගේ ආධාරකරුවන්ද දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.

කටාන ප‍්‍රදේශයේ මාර්ග අලුත්වැඩියාවක් අතරතුරදී මෙම ගැටුම ඇති වී තිබෙනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගෙන් සහ රෝස් ප‍්‍රනාන්දුගෙන් වෙන වෙනම ප‍්‍රශ්න කළා. සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පැවසුවේ රෝස් ප‍්‍රනාන්දුගේ අනුදැනුම යටතේ කිසියම් පිරිසක් සිය ආධාරකරුවන්ට පහරදී ඇති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසන සංවිධායිකා රෝස් ප‍්‍රනාන්දු පවසන්නේ පහරදීමට ලක්ව ඇත්තේ ගම්වැසියන් සහ සිය ආධාරකරුවන් බවයි. පහරදීම සිදුකර ඇත්තේ පිටතින් පැමිණි පිරිසක් බවට ද ඇය චෝදනා කළා.

අදාළ මාර්ග අලුත්වැඩියාව සිදුකෙරෙන්නේ ග‍්‍රාම නිලධාරී වසමකට රුපියල් ලක්ෂ 10 බැගින් වෙන් කෙරුණු රාජ්‍ය ප‍්‍රතිපාදන යටතේයි.