Saturday, July 27, 2024

General line - 0115112241

නගර ජනතාවගෙන් පිරී යයි




උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අද පෙරවරුවේ සිටම ජනතාව තවදුරටත් නගර කරා පැමිණෙමින් සිටිනවා.

ඇතැම් ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරයක්ද දක්නට ලැබුනා.

නෙත් නිවුස් කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකදී වෙළඳුන් කිහිපදෙනෙකු දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර මාතර සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවද මහත් ඕනෑකමින් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.

ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල තත්වය පිළිබඳ සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

බදුල්ල නගරය ආශ්‍රිතව අද උදෑසන වන විට පැවති තත්වය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සූදානම පිළිබඳ සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

උතුරේ ජනතාවද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අද පෙරවරුවේ සිටම නගර කරා පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.