Tuesday, April 30, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් ඉන්දියාවට පැසසුම්




ඉන්දියාවේ සංවර්ධන ප්‍රගතියට ප්‍රශංසා කරමින් එරට අමෙරිකානු තානාපති එරික් ගාර්සෙට්ටි පැවසුවේ අනාගතය දැකීමට අවශ්‍ය නම් ඔවුන් ඉන්දියාවට පැමිණිය යුතු බවයි.

ඉන්දියාවේ අමෙරිකානු දූත මණ්ඩලයේ ප්‍රධානියා වීමට ලැබීම මහා වරප්‍රසාදයක් බවයි ඔහු පවසා ඇත්තේ.

 "ඔබට අනාගතය දැකීමට අවශ්‍ය නම් ඉන්දියාවට එන්න. ඔබට අනාගතය දැනෙන්නට අවශ්‍ය නම් ඉන්දියාවට එන්න. ඉස්සරහට වැඩ කරන්න ඕන නම් ඉන්දියාවට එන්න” ඔහු පවසා තිබෙනවා.

මේ අතර අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක  Jake Sullivan පවසන්නේ අමෙරිකාව සහ ඉන්දියාව අතර හවුල්කාරිත්වය නව තලයකට පැමිණ ඇති බවයි.

එය තාක්‍ෂණය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය අවධාරනය කර ඇති බව ද ඔහු පවසා තිබේ.

එමෙන්ම පසුගිය දශක දෙක තුළ ඉන්දියාව සහ අමෙරිකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාවය විශාල ප්‍රගතියක් ලබා ඇති අතර ඉතා පුළුල් සහයෝගීතාවයක් දක්වා විකාශනය වී ඇති බව ද ඔහු පවසයි.

එම කාල පරිච්ඡේදය තුළ මෙම ජාතීන් දෙක අතර ආරක්ෂක සහයෝගීතාව හා උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව ද අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා පවසා තිබෙනවා.