අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි.
ඔහුගේ දේහය මේ වන විටත් තැන්පත් කර ඇත්තේ කළුතර ශික්ෂණ රෝහලේයි.
ඒ, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහායි.
එහි නවතම තත්ත්වය දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා රෝහල් පරිශ්‍රයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු සම්පත් කුලරත්න.
රෝහල් භූමියේ සිටින පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඥාති පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම නෙත් නිවුස් වෙත පැවසුවේ තෙවරප්පෙරුම මහතා විසින් සකස් කළ සොහොන් භූමියේදීම අවසන් කටයුතු සිදු කරන බවයි.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය වාර්තා වූ මොහොතේ සිට ඔහුගේ පාක්ෂිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් රෝහලට සහ නිවසට පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 64ක්.