Tuesday, April 30, 2024

General line - 0115112241

යුක්‍රේන යුද්ධය නිසා රුසියානු සෙබළුන් 50,000ක් මිය යයි




දිනෙන් දින උණුසුම් වන රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවේ සෙබලුන් 50,000කට දිවි අහිමි වී තිබෙනවා.

මෙම දත්ත අනාවරණය කර ඇත්තේ රුසියානු ස්වාධීන මාධ්‍ය සමීක්ෂණ ආයතනයක් විසින්.

ඔවුන්ගේ වාර්තා උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ 2022 වසරට සාපේක්ෂව මිය ගිය සංඛ්‍යාවේ විශාල වර්ධනයක් සිදු වී ඇති බවයි.

එසේම යුද්ධය ආරම්භ වූ පළමු වසරට වඩා මියගිය ගණන සියයට 25කින් වැඩි වී ඇතැයි සඳහන්.

ඒ අනුව රුසියානු - යුක්‍රේන යුද්ධයේ දෙවන වසර තුළ රුසියානු සොල්දාදුවන් 27,300කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. 

කෙසේවෙතත් මෙම විශ්ලේෂණ දත්තයන් සඳහා රුසියානු යුක්‍රේන ආක්‍රමණ සිදු වූ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්‍රදේශවලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව ඇතුළත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් රුසියානු රජය කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ.

විදෙස් වාර්තාවලට අනුව නිකුත් වී ඇති මරණ සංඛ්‍යාව පිළිබඳ වාර්තාව රුසියාව ප්‍රකාශයට පත් කළ දත්තවලට සාපේක්ෂව අට ගුණයක වැඩි වීමක්. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රටකට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.