IPL ක්‍රිකට් උණුසුම ඉහළ නංවමින් මේ වන විට වාර්තා රැසක් බිඳ වැටෙමින් තිබෙනවා.
එලෙස වාර්තා අලුත් වූ නවතම තරඟය ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ රාජස්ථාන් රෝයල් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතරයි.
කොල්කටා කණ්ඩායම මෙහිදී ලකුණු 223ක් රැස් කළ අතර පිළිතුරු ලෙස රාජස්ථාන් කණ්ඩායම කඩුලු 08කට ලකුණු 224ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.
එය සැලකුණේ IPL ඉතිහාසයේ හඹා ගොස් තරඟයක් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් සුනිල් නරේන් ලකුණු 109ක් රැස් කළ අතර රාජස්ථාන් රෝයල් පිල වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 107ක් රැස් කළා.