Tuesday, April 30, 2024

General line - 0115112241

යුක්තිය මෙහෙයුම යටතේ තවත් වැටලීම් 614ක්




විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 614ක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එම වැටලීම් 614ට අදාළව සැකකරුවන් 604ක් සහ සැකකාරියන් 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහාත් සැකකරුවන් 06 දෙනෙකු පුනරුත්ථාපනය සඳහාත් යොමු කිරීමට නියමිතයි.

මෙම මෙහෙයුමට අදාළව බස්නාහිර පළාත තුළ පමණක් සිදු කළ වැටලීම් 416 කදී සැකකරුවන් 410ක් සහ සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා තොගයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.