වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගිනි අවි හතක් සහ වියලි ගංජා කිලෝග්‍රෑම් 170ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු පසුගියදා මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අලෙවි කර තිබූ තවත් ගිනි අවි 02ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.
විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ඒ අතර වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මීට පෙරද බෝර 12 වර්ගයේ ගිනි අවි 02ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගත් අතර ඒ අනුව මේ වන විට සොයාගත් සමස්ථ ගිනි අවි ගණන හතරක්.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්නකිරීම් සිදු කරන අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් ක්‍රියාත්මකයි.