Wednesday, May 1, 2024

General line - 0115112241

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත ගැසට් වෙයි




විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එම පනත් කෙටුම්පත ඉදිරි සතිය ඇතුළත පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන බවයි. 

ජනවාරි මාසයේදී පාර්ශවකරුවන් විසින් යෝජනා කරන ලද සංශෝධන අදාළ පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.

පනත් කෙටුම්පතෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක් හිමි වන බවයි අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.