Wednesday, May 1, 2024

General line - 0115112241

හෘදයාබාධ නිසා සිදුවන මරණවල වැඩි වීමක්




හෘදයාබාධ හේතුවෙන් සිදු වන මරණවල කැපීපෙනෙන වැඩි වීමක් මෑත කාලයේ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීල් බාලසිංහම් සඳහන් කළේ ශාරීරික ව්‍යායාම අඩු වීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතුවක් බවයි.    


හෘදයාබාධ අවදානම වළක්වාගත හැක්කේ කෙසේද? 


ජංගම දුරකතනය හා පරිගණක භාවිතයට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන්ද ළමුන් සහ වැඩිහිටියන් ක්‍රියාශීලී දිවි පෙවතෙන් ඈත් වී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.