Friday, May 3, 2024

General line - 0115112241

සේවයට වාර්තා නොකළ නාවික හමුදා සාමාජිකයින්ටද නීත්‍යානුකූලව ඉවත් වීමට අවස්ථාව




නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සිය සාමාජිකයන්ටද  නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අද දින සිට මැයි 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළ බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද ශිල්පීය අංශවලට අයත් නාවිකයින් සහ වෘත්තීමය වෛද්‍ය හා දන්ත අංශයේ නාවිකයින් හැර අනෙකුත් නාවිකයින්ට එලෙස නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව හිමි වනවා.

ඊට සුදුසුකම් ලබන නාවික සාමාජිකයින්  තමන්ට ආසන්නතම  නාවික හමුදා කඳවුර වෙත වාර්තා කල යුතු වනවා.

එමෙන්ම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර, දැනට විදේශගතව සිටින නාවිකයින් හට යලි වාර්තා කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමිවන බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ටද අද සිට මසක් ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.