Saturday, July 27, 2024

General line - 0115112241

දියතලාව ෆොක්ස්හිල් ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරකින් 5ක් මරුට 21කට තුවාල 




දියතලාවල  "ෆොක්ස්හිල්” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී මෝටර් රථ කිහිපයක් ධාවන පතයෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා. 

එම අනතුරෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තුවාල ලැබූවන් මේ වන විටත් දියතලාව රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් තරඟය අතරතුරදී අනතුරට ලක්වීමෙන් පසුව එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.