Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය විජේදාසට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස නිතරඟයෙන් අධිකරණ, බන්ධනාගාර සහ ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත්කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රැස්වී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකු එම අවස්ථාවට එක්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.


තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර සහ ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටු රැස්වීමෙන් පසුව යම් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල් වීමට උත්සහා කිරීමේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

 

පසුව පොලිසිය මැදිහත්වී එම තත්ත්වය පාලනය කර තිබෙනවා.