Saturday, May 4, 2024

General line - 0115112241

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පොලිස්පතිට නියෝගයක්




ප්‍රජා පොලිස් කමිටු මැයි 31වන දිනට පෙර නිසි ආකාරයෙන් සකස් නොකරන පළාත්වල ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම පළාත්වලින් ඉවත් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තමන් උපදෙස් ලබාදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  පවසනවා.

ප්‍රජා පොලිස් කමිටු හරහා රට තුළ පොලිසියට විශේෂ සේවාවක් කිරීමට හැකි බැවින් ඒවා නිසි ආකාරයෙන් සකස් කර ගැනීම එම පළාත්වල සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ වගකීම බවයි නුවරඑළිය ප්‍රජා පොලිස් කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.