Saturday, May 4, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන සහ සාධරණ විමර්ශනයක් සිදු කරන්න - කාදිනල් හිමි ඉල්ලයි




පැවැති රජය සහ වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට උත්සාහ ගන්නා බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් පවසනවා.

යුක්තිය කිසිදිනක සැගවිය නොහැකි බවත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සියලු කරුණු සොයාබැලීම සඳහා ස්වාධීන සහ සාධරණ විමර්ශනයක් යළි ආරම්භ කළ යුතු බව පාස්කු ප්‍රහාරය සිදුවී වසර 05ක් සැපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළා. 


එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ නිසි ආකාරයෙන් සිදුනොවූ බවයි අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් වැඩිදුරටත් සඳහන් කළේ.