Monday, May 6, 2024

General line - 0115112241

ඉරාන ජනාධිපති දිවයිනට.




ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මීට නොබෝ වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු ඇතුළු දූත පිරිස පැමිණියේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතයි.

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි.

ඒ අනුව, ඉරාන ජනාධිතිවරයා ඇතුළු දූත පිරිස උමා ඔය උත්සව භූමිය වෙත ගමන් කරනු ඇතියි.

එබැවින් මත්තල, තනමල්විල, කුඩාඔය හරහා වැල්ලවාය, වැල්වාය සිට ඇල්ල මාර්ගයේ උමා ඔය මංසන්ධිය දක්වා මාර්ගයේ පෙරවරු 11 තෙක් කොටස් වශයෙන් වසා තැබීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා මෙලෙස එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

2008 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.