Monday, May 6, 2024

General line - 0115112241

උමා ඔය විවෘත කළ ඉරාන ජනපති කොළඹට




ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පවසනවා.

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව පැවති උත්සවය අමතමින්.

දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවද ඉරාන ජනාධිපතිවරයා පවසනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද උත්සව සභාව ඇමතුවා.


ජනාධිපතිවරයා සඳහන් කළේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ රැසක් හිමි වන බවයි.


උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද දහවල් විවෘත කෙරුණේ ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

පසුව ඉරාන ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළෙන් කොළඹ ජනාධිපති කාර්යාලය වෙත පැමිණියා.

එහිදී ඉරාන ජනාධිපතිවරයා හරසරින් පිළිගැණුනේ ආචාර වෙඩි මුරද සමගයි.

ඉරාන ජනාධිපතිවරයා සමග පැමිණි දූත පිරිස දෙරට අතර අවබෝධතා ගිවිසුම් 05කටද අත්සන් තැබීමටද නියමිතයි.