Sunday, May 5, 2024

General line - 0115112241

ඉරාන ජනපතිගේ සංචාරයෙන් අමෙරිකාව කුපිත වෙයිද? 




ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කලාපීය වශයෙන් අතිශය වැදගත් සංචාරයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටියුඩර් වීරසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ කලාපීය බලවතුන් වන චීනයේ සහ ඉන්දියාවේද අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වී ඇති බවයි. 


කෙසේවෙතත් ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදු කරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව ඊයේ අනතුරු ඇඟවූවා.

ඒ, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවයි.

එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවටද අවදානමක් පවතින්නේද?


ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.