Saturday, May 4, 2024

General line - 0115112241

ඉදිරි මැතිවරණය ගැන ශ්‍රීලනිප යේ ස්ථාවරය ?




එළඹෙන ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා ස්ථාවරය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ ඊට පෙර පක්ෂයේ අර්බුද විසඳා ගැනීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.