Sunday, May 5, 2024

General line - 0115112241

ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු STF අත්අඩංගුවට




2021 වසරේ මීටියාගොඩ මංසන්ධියේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. \

ඒ, යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ෂහි නිලධාරීන් පිරිසක් විසින් ලිහිණියාගල, මීටියාගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.

අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන 02ක් සමග එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයක් වන අතර සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කරන්දෙණියේ සුද්දා, රාජු සහ සමන් කොල්ලා යන අයගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කරන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.