Sunday, May 5, 2024

General line - 0115112241

ඉදිරියෙදී සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට - සුසිල් ප්‍රේමජයන්ත




අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ ‍කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමින්.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට 2023 මාර්තු මස තරඟ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහිදී අධිකරණය විසින් පැනවු අතුරු තහනම් නියෝගය හේතු කොට ගෙන පැවැත්වීමට නියමිතව තිබු විභාගය අත්හිටවනු ලැබූ බවයි  අමාත්‍යවරයා පවසුවේ 

එම නිසා අධිකරණය හමුවේ එම පෙත්සම් විභාග වන බැවින් අධිකරණය විසින් ලබා දෙන තීන්දු ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත්සඳහන් කර සිටියේ.