Monday, November 11, 2024

General line - 0115112241

තවත් මැතිවරණ පැමිණිලි 94ක්




මහමැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පසුගිය සැප්තැම්බර් මස 26 වන සිට ඊයේ දිනය තෙක් එම පැමිණිලි ලැබී ඇති බවයි.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24 තුළදී පමණක් පැමිණිලි 94ක් ලැබී තිබෙනවා.

ඒ, නීතී උල්ලංඝනය කිරීම්වලට අදාළව සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධවයි.

මේ අතර, ලැබී ඇති පැමිණිලි 1,136න් පැමිණිලි 939ක් විසඳා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.