ඉතාලියේ පැවති ජී ටී - ෆෝ මෝටර් රථ ධාවන තරඟයේදී ජයග්‍රහණය කළ ලෝක ශූර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව අද අලුයම දිවයිනට පැමිණියා.
එම තරඟයට සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ තමන් බවයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ.
යුරෝපයේ පවත්වන විශාලතම මෝටර් රථ ධාවන තරඟය වන මේ සදහා ලොව රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක්ව තිබෙනවා.
2024 අවසානයේ මෙම ලෝක ශූරතා තරඟාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
ඒ යටතේ ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතයි.
එම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බවයි ඩිලන්ත මාළගමුව වැඩිදුරටත් පැවසුවේ.