පකිස්තානයේ බලෝකිස්තාන විශ්ව විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් සහ සේවකයින් වැටුප් නොගෙවීම සහ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධයෙන් විරෝධතා සංවිධානය කර ඇතැයි වාර්තා වනවා.
Balochistan Post වාර්තා කළේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ප්‍රවේශ දොරටුව අසල සංවිධානය කර තිබූ බලෝකිස්තාන් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානත්වයෙන් විරෝධතාව දින 70කට අධික කාලයක් අඛණ්ඩව පැවති බවයි.
විශ්ව විද්‍යාලවල පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් තම වැටුප් හා විශ්‍රාම වැටුප් නොගෙවීම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින බවට විරෝධතාවයේ නිරත සේවකයෝ මැසිවිලි නගනවා.
ඊට අමතරව විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසත් විරෝධතාකරුවන්ට අහිමි වූ දේවලට වන්දි ලබා දෙන ලෙසයි.
එපමණක් නොව, විරෝධතාකරුවන් දැන් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගය අවහිර කරමින් බ්‍රහස්පතින්දා කඳවුර සරියාබ් පාරට ගෙන යාමට සැලසුම් කර ඇති බව ද බලුකිස්තාන් පෝස්ට් වාර්තා කර තිබෙනවා