Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ ගින්නකින් 24 දෙනෙක් මරුට




ඉන්දියාවේ ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ගින්න ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට එරට ගිනි නිවන කණ්ඩායම් හට හැකි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එසේම ගින්නෙන් මිය ගිය සියලු දෙනාගේ මළසිරුරු මේ වන විට රෝහලට යවා තිබෙන අතර ඇතැම් පුද්ගල මළ සිරුරු තවමත් ගොඩ ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් දැඩි ලෙස පිළිස්සුණු මළ සිරුරු හඳුනා ගැනීමට පවා දුෂ්කර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මිය ගිය පිරිස අතර කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටින බවට සඳහන්.

ගොඩනැගිලි සුන්බුන් අතර දිවිගලවා ගත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව ගලවා ගැනීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් මෙම ප්‍රදේශයේ නගරාධිපතිවරයා පැවසුවේ ගින්නෙන් ඇති වූ පුද්ගල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

මේ සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ මෙම හදිසි ගින්නෙන් විපතට පත් වූවන්ට ආධාර සැපයීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවයි.

එසේම මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.