Friday, October 11, 2024

General line - 0115112241

තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්න විසඳන බව ජනපති කියයි




රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව මෙම වසර තුළදී රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමගින්  අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින්.


කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් තරුණ තරුණියන්ට ද කෘෂිකර්මයේ යෙදීමට අවස්ථාව ලබාදිය යුතු බවත් පැවසූ ජනාධිපතිවරයා රජය සහ පෞද්ගලික සමාගම් එක්ව සුහුරු කෘෂිකර්මාන්තය ගමට හඳුන්වාදීමටද බලාපොරොත්තු වන බව මෙහිදී වැඩිදුරටත් පැවසුවා.