Saturday, September 21, 2024

General line - 0115112241

අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් උතුරට යැවීම ආචාරධර්ම සහ නීති උල්ලංගණය කිරීමක්




පුනරුත්තාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ට විෂ එන්නත් කළේ දැයි සොයා බැලීමට අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමකට ඉඩ ලබාදීම මෙරට වෛද්‍ය විද්‍යාත්මක ආචාරධර්ම සහ නීතිය උල්ලංගණය කිරීමක් බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ මෙරට වගකිව යුතු පාර්ශ්වවල අනුමැතියකින් තොරව එවැනි කටයුත්තක් සිදු කිරීමට විදේශීය වෛද්‍යවරුන්ට නීතියෙන් ඉඩක් නොමැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව උතුරට පැමිණි අමෙරිකානු වෛද්‍ය කණ්ඩායම සම්බන්ධයෙන් තොරතුරු වහා හෙළිදරව් කළ යුතු බවද එහිදී චන්න ජයසුමන වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් හදිසියේ මියගොස් ඇති බැවින් එ් පිළිබඳ විදේශීය වෛද්‍ය කණ්ඩායමක මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

එහිදී ප‍්‍රකාශ කෙරුණේ උතුරු පළාතට පැමිණ සිිටින අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමකින් එ් සඳහා සහාය ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත් එම වෛද්‍ය කණ්ඩායම පහසුකම් නොමැති බව පවසමින් අදාළ පරීක්ෂණ පැවැත්වීම ප‍්‍රතික්‍ෂේප කළා.