Friday, October 25, 2024

General line - 0115112241

NDB බැංකුව ක්‍රීඩාශීලී තාරුණ්‍ය සවිබල ගන්වමින් රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම සහ බ්‍රැඩ්බි පළිහ තරඟාවලිය සමඟ සම්බන්ධ වෙයි




NDB බැංකුව ඉදිරි පරම්පරාවේ ක්‍රීඩාශීලීත්වය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ දායකත්වය සනිටුහන් කරමින් තෙවැනි වරටත් රාජකීය විද්‍යාලයීය රග්බි තරඟ වාරයේ ඉසව් අනුග්‍රාහකයා ලෙස රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායම සමඟ සම්බන්ධ වී තිබෙනවා.

මෙම හවුල්කාරිත්වය හරහා තාරුණ්‍යයේ දක්ෂතා වැඩිදියුණු කිරීම සඳහා විශිෂ්ඨ ක්‍රීඩාශීලී පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම තහවුරු කර තිබෙනවා.

78 වැනි බ්‍රැඩ්බි පළිහ තරඟාවලියේ (Bradby Shield Encounter) රාජකීය විද්‍යාලයීය රග්බි වාරයේ සමාරම්භක නිල මාධ්‍ය හමුව 2024 ජුනි මස 4 වැනි දිනපවත්වනු ලැබුවා.

එහි ඉසව් අනුග්‍රාහකයා ලෙස, NDB බැංකුව තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා සහ ක්‍රීඩාව සඳහා වූ ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙමඟින් අරමුණු කරගෙන තිබේනවා.

මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ ප්‍රකාශ කර සිටියේ ‘රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අතර බ්‍රැඩ්බි ගැටුම යනු හුදු රග්බි තරඟයක්ම පමණක් නොව එය විශිෂ්ඨත්වයේ සහ නොසැලෙන ක්‍රීඩාශීලීත්වයේ සාම්ප්‍රදායික සැමරුම් උත්සවයක් බවයි.

මෙම ගෞරවනීය සම්ප්‍රදායේ පාර්ශවකරුවකු වීම NDB බැංකුවේ අපටත් ඉමහත් ගෞරවයක් වන අතර, අපගේ තාරුණ්‍යයට අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට අපි නිබඳවම කැපවී සිටිනවා’ ලෙසයි.

NDB බැංකුව ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය ලබාදීම තුළින් තාරුණ්‍ය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන අතරම, රාජකීය රග්බි සමඟ ඇති මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් උදා කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම පිළිබඳ සාක්ෂි දරනවා.

බ්‍රැඩ්බි පළිහ තරඟාවලිය වැනි වැඩසටහන් වලට අනුග්‍රාහකත්වය පිරිනැමීම හරහා, ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් හෙටක් කරා ගෙන යාමට අවශ්‍ය කුසලතා සහ සාරධර්මවලින් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කිරීම සඳහා ඔවුන්ගේ කුසලතා සහ හැකියාවන් පෝෂණය කිරීමට NDB බැංකුව කැපවී සිටිනවා.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුවයි. 

මෑතකදී පැවතිAsian Banking & Finance Retail Banking Awards  2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්,Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්‍රවිය.

මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work  විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබෙනවා.

NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල  තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විතයි.

ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටිනවා.