Sunday, September 8, 2024

General line - 0115112241

චීනය මංකොල්ලකරුවන් පිරිසක් - පිලිපීන හමුදාව කියයි




පිලිපීනය සහ චීනය අතර දකුණු චීන මුහුදේ නැවත නැවතත් ගැටුම් ඇති වීම සම්බන්ධයෙන් පිලිපීනයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රෝමියෝ බ්‍රව්නර් චීනයට චෝදනා කර තිබේ.

එමෙන්ම ඔහු චීනයේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කළ බව ද විදෙස් මාධ්‍ය පවසයි.

චීන වෙරළාරක්ෂක භටයන් මුහුදු කොල්ලකරුවන් මෙන් ක්‍රියා කරන බව පිලිපීන හමුදා නිලධාරියා ප්‍රකාශ කළ බව ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

එමෙන්ම බ්‍රව්නර් පැවසුවේ, "මතභේදාත්මක දකුණු චීන මුහුදේ නවතම ගැටුමේදී පිහි සහ හෙල්ලවලින් සන්නද්ධ පිරිස් දෙවන තෝමස් ෂෝල්හිදී පිලිපීනයේ නැවත සැපයුම් යාත්‍රාවලට ගොඩ වූහ.

චීන වෙරළාරක්‍ෂක භටයන් ආයුධ සමග සිටි අතර අපගේ පිරිස් හිස් අතින් සටන් කළහ.

අපි සංඛ්‍යාව ඉක්මවා ගිය අතර ඔවුන්ගේ ආයුධ අනපේක්ෂිත වූ නමුත් අපගේ පිරිස් ඔවුන් සතුව තිබූ සියල්ල සමඟ සටන් කළහ."

පිලිපීනයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රෝමියෝ බ්‍රව්නර් චීනයට මෙලෙස චෝදනා කර ඇත්තේ ඉකුත් ජුනි 17 වන දින දකුණු චීන මුහුදේ දෙවන තෝමස් ෂෝල් කලාපය අසල ඇති වූ ගැටුමෙන් පසුවයි.

එහිදී චීන වෙරළාරක්‍ෂකයින් පිරිසක් පිලිපීනයේ සමුද්‍ර යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කර තිබුණි