Saturday, September 28, 2024

General line - 0115112241

රිය අනතුරකින් එකම පවුලේ මව සහ දියණිය අවසන් ගමන් යයි




මාතලේ, කවටයාමුණ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් එකම පවුලේ මව හා දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනාගමනක් යමින් සිටි එකම පවුලේ මව, පියා, පුතා සහ දියණිය ගමන්ගත් ත්‍රීරෝද රථයක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් වයස අවුරුදු 54ක මව සහ වයස අවුරුදු 17ක දියණිය මියගොස් තිබෙනවා.

ත්‍රීරෝද රථය පැදවූ සිය පුත්‍රයා සහ පිටුපස ගමන් ගත් පියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.