Friday, October 18, 2024

General line - 0115112241

රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක්




රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පූජකවරයෙක්, පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී ප්‍රහාරකයන් 06 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

තුවාලකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශකර නැහැ.

ඩැගෙස්තාන් ප්‍රදේශයේ අගනුවර වන මකැච්කලා නගරයෙහි පල්ලියකට සහ පොලිස් මුරපොළටකද ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පල්ලියේ සන්ද්‍යා යාඥාව ආරම්භ කිරීමට මිනිත්තු 40කට පමණ පෙර තුවක්කුකරුවන් පිරිසක් පල්ලිය තුලට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ඇතැම් රුසියානු මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයින්ගේ ප්‍රහාරයක් බවට සැක පළ කරන බවයි.

කලාපයේ මීට පෙර සිදු වූ ප්‍රහාරවලට ඉස්ලාමීය සටන්කාමීන් වගකිව යුතු බවයි රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාවේ විමර්ශන කමිටුව පවසන්නේ මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.