Friday, June 28, 2024

General line - 0115112241

අනුරාධපුරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්




අනුරාධපුර පූජා නගරය ඇතුළුව තදාසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 04ක් ආශ්‍රිතව තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද ආරම්භ වුණා.

පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණි ඇතැම් සැදැහැවතුන් අක්‍රමවත්ව බැහැර කළ කැළි කසල ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම ඇතුළු වැඩසටහන් කිහිපයක් එහිදී සිදුකරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු පැවසුවේ.

දන්සැල් පැවැත් වූ සංවිධායකයින්ගෙන් ද මෙහිදී ඉල්ලීමක් කළා.