Sunday, June 30, 2024

General line - 0115112241

කොළඹට පැය 15 ක ජල කප්පාදුවක්




කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත හා මුල්ලේරියාව ප්‍රදේශිය සභා බල ප්‍රදේශවල එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

එමෙන්ම මොරටුව මහ නගර සභා බල ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා අඩුපීඩන තත්ත්ව යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

විදුලිබල මණ්ඩලය මගින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනවා.