Sunday, June 30, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් කාන්තා කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 141ක් රැස්කළා.

නායක චමරි අතපත්තු ලකුණු 38යි. 

ජයග්‍රාහී ලකුණු 142ක ඉලක්කයක් හඹායන කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 142ක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කළා 

කාව්‍යා කාවින්දි  කඩුලු 2ක් ලබා ගත් අතර සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුනා.

තරගය පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.