Sunday, September 8, 2024

General line - 0115112241

“ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්ව විවෘත කරාතේ ශූරතාවලියේ” රන් රිදී පදක්කම් දිනූ අපේ දරුවෝ




“ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්ව විවෘත කරාතේ ශූරතාවලිය 2024” ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිෂූර් නගරයේ VKN මෙනන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2024 මැයි මස 19 වන දින “කී-ඩෝජෝ ඉතාලියා - ඉන්දියානු ශාඛාව” සහ “කියායි ජාත්‍යන්තර සංගමයේ ඉන්දියානු ශාඛාව” මඟින් එහි ප්‍රදාන උපදේශක සහ ඉන්දියානු නියෝජිත සෙන්සේ: සිවාජි ගෝපි මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වීය.
 
එම ශූරතාවලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ගරු සභාපති ශිහාන්: සිසිර කුමාර සහභාගී වූ අතර “ කියායි ජාත්‍යන්තර සංගමය-ශ්‍රි ලංකා ශාඛාව” වෙනුවෙන් නියෝජනය කරමින් එහි ප්‍රධාන උපදේශක එස් ඒ උදය චින්තක සහ එම සංවිධානයේ කණිෂ්ඨ ක්‍රීඩකයන් වන දිසුර දෙනුවන්ල මෙනුක ඩිහෙන්ල කේග ඔබිලාෂ් යන දරුවන් කාතා සහ කුමිතේ ඉසව්වෙන් රන් පදක්කම් සහ රිදී පදක්කම් දිනීමට සමත් විය.

ඔවුන් එම සංවිධානයේ කොළොන්නාව කල්‍යාණි විද්‍යාලයේ පුහුණුවීම් කරනු ලබයි.