Thursday, July 4, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ මාරක රිය අනතුරකින් 9 දෙනෙකු මරුට 




දකුණු කොරියාවේ සෝල් අගනුවරදී මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර එරට වේලාවෙන් 21:30 ට පමණ සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 60 ගණන්වල යැයි විශ්වාස කරන පුද්ගලයෙක් රථවාහන නැවතුමක රැඳී සිටි පදිකයින් වෙත වාහනය පදවා ඇත.

මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කර ඇති අතර පදිකයින්ගේ ගැටීමට පෙර එය තවත් වාහන 02ක ගැටී තිබෙනවා 

 පුද්ගලයින් 06 දෙනෙකු  එම අනතුරු සිදුවූ ස්ථානයේදීම මියගොස් තිබු අතර රෝහල් ගතකිරීමෙන් පසුව තවත් තිදෙනෙක් මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් සිවු දෙනෙකු අනතුරින්  තුවාල ලාබා රෝහල් ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ එකවරම මෝටර් රථයේ වේගය වැඩි වූ බවයි 

මාර්ග අාරක්ෂාව. 2022 දී, සියලුම මාර්ග මරණ වලින් 35% ක් දකුණු කොරියාවේ පදිකයින් විසින් සිදු කරන ලදී - අනෙකුත් OECD රටවල් හා සසඳන විට එය ඉහළ කොටසකි. නමුත් එම වාර්තාවේම OECD පෙන්වා දුන්නේ මෑත වසරවලදී රටේ මාර්ග අනතුරු අඩු වී ඇති බවයි.