Sunday, July 7, 2024

General line - 0115112241

නීතිවිරෝධී මත්කරල් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට




සූක්ෂම ලෙස නීතිවිරෝධී මත්කරල් ජාවාරමේ යෙදුණු කාන්තාවක් ගල්කිස්ස වලව්වත්ත, රත්මලාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ, බස්නාහිර පළාත කලාපයේ ආරක්ෂක රාජකාරියේ නිරත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

මෙම වැටලීමේදී ජාවාරම් කිරීම සඳහා අදාළ කාන්තාව සන්තකයේ තබා ගත් මත්කරල් 500ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව 54 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.