Thursday, July 4, 2024

General line - 0115112241

බාබඩෝස් පිටියේ පස් කෑ හේතුව ඉන්දීය නායකයා හෙළි කරයි




2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමෙන් පසු එම තරගය පැවති බාබඩෝස් පිටියේ තණතීරුවෙන් පස් කැබැල්ලක් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා විසින් සිය මුඛය තුළට දමා ගන්නා ආකාරය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් රෝහිත් ශර්මා පළමු වරට අදහස් පළකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ මෙවැනි අදහසක්.

“ඒ තණතීරුව අපිට විස්සයි විස්ස ලෝක කුසලානය ලබාදුන් නිසා, මට ඒ ක්‍රීඩාංගණයත් ඒ තණතීරුවත් මගේ ජීවිතයේ සදහටම මතකයක් වුණා.

ඒ නිසා මට අවශ්‍ය වුණා ඒ තණතීරුව, එහි කොටසක් මා සමඟ තියා ගන්න. එය අපගේ සිහින සැබෑ වූ ස්ථානය, මට අවශ්‍ය වූයේ එය පිටුපස ඇති හැඟීමයි, මම ප්‍රකාශ කළා වගේ, මේ මොහොත අපි හැමෝටම ගොඩක් විශේෂයි, මට එය සමඟ ජීවත් වීමට අවශ්‍යයි ” යනුවෙන් රෝහිත් ශර්මා පවසා තිබෙනවා.


එම ජයග්‍රහණයෙන් පසු රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස 20 පිටියට සමුදෙන බවද නිවේදනය කළා.