Friday, October 18, 2024

General line - 0115112241

LPL තරඟාවලියේදී පිතිකරුවන් වැඩ පෙන්නපු හැටි




දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය බයට පැවසෙන මෙරට තණ තීරු තුළ පිතිකරුවන් ඉහළ ලකුණු රැස් කරන තරඟ, මේ වන විට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී දැකගත හැකි වනවා.

එක් ඉනිමක් හැරුණුකොට මෙතෙක් පැවති තරඟ 05දී සෑම කණ්ඩායමක්ම ලකුණු 170 සීමාව පසුකර ගියා. 

ඊයේ පැවති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති තරඟයේදී දඹුල්ල සික්සස් කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 191ක් රැස් කළා.

එහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 52කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම තරඟය ජය ගත්තේ ලකුණු 197ක් රැස් කරමින්. එහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34කදී ලකුණු 80ක් රැස් කළා. 

ඊයේ රාත්‍රියේ පැවති තවත් තරඟයකදී ගෝල් මාවලස් කණ්ඩායම විසින් කළම්බෝ ස්ට්‍රයිකර්ස් ලකුණු 07කින් පරාජය කිරීමට සමත් වුණා.