Monday, December 23, 2024

General line - 0115112241

බොහෝ දෙනා එපා කියපු ගීතය අතුලගේ හඬින් ‘හිත අස්සට‘ එයි කියලා හිතුවෙම නැතිලු!



අතුල අධිකාරි ගායනා කරන ‘හිත අස්සට හීන ගොඩක්‘ ගීතය පසුගිය කාලයේ බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රියත්වට පත් වූ ගීතයක්.

අතුලගේ ලයාන්විත හඬින් කියන මෙම විරහ ගීතය තරුණ පරපුර ආදරයෙන් වැළඳ ගත්තේ තරුණ හිත් වලට විරහව හුඟක් සමීප දෙයක් නිසාම වෙන්න ඇති.

මේ ගීතය අතුලටම ගැලපෙන ගීතයක් කියලයි මේ ගීතය අහපු බොහෝ දෙනා පවසා තිබුණේ.

ඒත් මේ ගීතය ලියපු ආරාධනා ඒකනායක නම් කියන්නේ වෙනස්ම කතාවක්.

2008 වසරේ ඇය වෙත ආ ගායකයෙක් විරහ ගීතයක් ලියලා දෙන්න කියලා ඇගෙන් ඉල්ලුවාලු.නමුත් ඔහු මෙම ගීතයට එතරම් කැමැත්තක් දක්වලා නැහැ.එහෙම අවුරුදු 2 විතර ඇය ලග තිබුණ මේ පදපෙළ 2010 වසරේ ළහිරු මුදලිගේ ඉල්ලගෙන තියෙනවා.

ඔහු ලගත් වසර 2ක් විතර තිබුණ මෙම පදපෙළ ගීතයක් බවට පත්වෙන්නේ 2012 වසරේදී.ලහිරු මුදලිගේ ආරාධනාට කතා කරලා කිව්වලු අතුල තමයි මේ ගීතය කරන්න යන්නේ කියලා.නමුත් ආරාධනා නම් කියන්නේ අතුලගේ හඬට ගැලපෙන්න නෙමෙයි,ටිකක් බර හඬක් තියෙන ගායකයෙකුට මේ පදපෙළ ලියුවේ කියලා.අතුලගේ හඬින් මේ ගීතය ජනප්‍රිය වෙයි කියලවත් ඈ සිතුවේ නැතිලු.

ඒ වුණත් තවමත් මේ ගීතය ජනප්‍රිය එක ගැන ආරාධනා සන්තෝස වෙනවලු.බොහෝ දෙනා අතින් ප්‍ර‍තික්ෂේප වුණ මෙම ගීතය අන්තිමට හරි කෙනා වෙත ලැබුණ බවත් ආපසු හැරී බලන විට සතුටක් තිබෙන බවත් ආරාධනා කියනවා.