Sunday, October 6, 2024

General line - 0115112241

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කේ සුජීවා දැඩිසත්කාර ඒකකයට




අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

මේ, එම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.


මේ අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කේ සුජීවා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඇය ශෛල්‍යකර්මයකට යොමුකර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අදාළ ටැටූ මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට ක්ලබ් වසන්තගේ බිරිඳ ද පැමිණ තිබෙනවා.

ඇය ද වෙඩි වැඩීම හමුවේ තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඇයගේ අත් බෑගයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වෙඩි තැබීමට යොදාගත් උණ්ඩවල කේ පී අයි ලෙස සටහන්ව තිබූ බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සන්විධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන කංජි පානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට එම උණ්ඩ හරහා ද සැක මතුව තිබෙනවා.