Sunday, October 6, 2024

General line - 0115112241

ජනපති ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වෙයි 




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වී තිබෙනවා 

ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබු  ත්‍රිකුණාමලය පිහිටි නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමින්.

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා.