Sunday, September 8, 2024

General line - 0115112241

රුසියානු සංචාරය නිමා කළ නරේන්ද්‍ර මෝදිගේ මීළඟ සංචාරය අමෙරිකාවට




රුසියානු සංචාරය නිම කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.    

ඒ, අද සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන නේටෝ සමුළුවට එක්වීම සඳහා බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා රුසියාවට පැමිණ ඇත්තේ ඊයේ දිනයේදීයි.

මොස්කව් නුවර වින්යුකෝවා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ රුසියානු රජයේ පළමු නියෝජ්‍ය සභාපති ඩෙනිස් මොන්චියෙරොෆ් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් හමුවී තිබෙනවා. 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයන්ගෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.