Sunday, September 8, 2024

General line - 0115112241

LPL දඹුල්ල තරඟ සමය අවසන් - යාපනය පෙරමුණේ




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල තරඟ සමය ඊයේ රාත්‍රියේ අවසන් වුණා.

ඒ, නුවර කණ්ඩායම සමග පැවති තරඟයෙන් ගාල්ල කණ්ඩායමට කඩුලු 08ක ජයක් හිමි කර දෙමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නුවර කණ්ඩායම කඩුලු 09කට ලකුණු 187යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා. 

දඹුල්ල තරඟ සමයෙන් පසු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දැන් ආරම්භ වන්නේ කොළඹ තරඟ සමයයි.

කොළඹ තරඟ ලබන සෙනසුරාදා සිට ආරම්භ වනවා. 

මෙතෙක් පැවති තරඟ 06ක් අවසානයේ ජයග්‍රහණ 04ක් සමග යාපනය කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

ගාල්ල කණ්ඩායම පසුවන්නේ දෙවන ස්ථානයේයි.

කොළඹ කණ්ඩායම තුන් වන ස්ථානයේත්, දඹුල්ල කණ්ඩායම සිව්වන ස්ථානයේත් පසුවනවා.