Sunday, September 8, 2024

General line - 0115112241

සතියකට තවමත් කොවිඩ් මරණ 1,700ක් - ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි




කොවිඩ් වෛරසය හේතුවෙන් තවමත් සතියකට ලොව පුරා පුද්ගලයින් 1,700ක් පමණ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව අවදානම් සහිත රෝගීන්ට එන්නත් ලබා දිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තත්ත්වය ගැබිනි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අවදානම් සහගත ලෙස බලපාන බවයි පර්යේෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

2019 වසර අගභාගයේදී චීනයේ වුහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය ප්‍රථම වරට අනාවරණය වීමෙන් පසු 2023 වසරේ මැයි මාසය දක්වා ක්‍දඩසා-19 ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.