Thursday, October 31, 2024

General line - 0115112241

ඉන්දියාවේ විදේශ සංචිත යළිත් වාර්තා ගත ලෙස ඉහළට

චිරාන් ධර්මසේන




ඉන්දියාවේ විදේශ විනිමය සංචිත යළිත් වරක්  ඉහළම අගයක් කරා ළඟා වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ වූ ජූලි 5 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දියාවේ විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.158 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අමෙරිකානු ඩොලර් බිලියන 657.155 ක් දක්වායි.

ඉන්දීය සංචිත බැංකුවේ (RBI) නිල දත්ත පෙන්වා දුන්නේ මීට පෙර ඉහළම අගය වූයේ පසුගිය මාසයේදී ඇමෙරිකානු ඩොලර් 655.817ක් බවයි.

ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, විදේශ විනිමය සංචිතවල විශාලතම සංරචකය වන ඉන්දියාවේ විදේශ මුදල් වත්කම් (FCA) USD බිලියන 4.228 කින් ඩොලර් බිලියන 577.110 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් සතිය තුළ ඉන්දියාවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 904 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 57.432 ක් දක්වා වර්ධනය වී ඇති බවයි පැවසෙන්නේ