Sunday, September 8, 2024

General line - 0115112241

තණමල්විල සාදයක් අතර තුර දෙපිරිසක් අතර ගැටුමක් - දෙදෙනකුට බරපතළයි

ජයන්ත වීරසේකර 




තණමල්විල  කුමාරගම ප්‍රදේශයේ නිවසක උපන් දින සාදයක ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පුද්ගලයකු විසින් කැබ් රථයක් උපන් දින සාදය පැවැත්වෙමින් තිබු නිවස තුලට නිවසේ ගේට්ටුවද කඩාගෙන පැමිනිම නිසා මෙම ගැටුම ඇතිවී තිබෙන බවයි  තණමල්විල පොලීසිය සඳහන් කර සිටියේ 

මෙම ගැටුම නිසා පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා හම්බන්තොට සහ ඇඹිලිපිටිය යන රෝහල් වලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ.

මෙම ගැටුමට කැබ් රථයෙන් පැමිණි පුද්ගලයා මිනීමැරුම් මත්ද්‍රව්‍ය ජාවරම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් පවතින පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

නිවසේ පුද්ගලයන් සමග තිබූ පෞද්ගලික ආරවුලක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් කැබ් රථයේ රියදුරු මෙම අනතුර සිදු කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබනවා