Sunday, September 8, 2024

General line - 0115112241

නේටෝව චීනය සමග පැටලෙයි 




නේටෝ සංවිධානය සහ චීනය අතර ප්‍රතිවිරුද්ධ මතවාද පැවතිය ද මේ වනවිට එම තත්ත්වය උත්සන්න වී තිබෙනවා.

ඒ අමෙරිකාවේ වොෂින්ටන් නුවර ඉකුත් දා පැවැති නේටෝ සමුලුවෙන් අනතුරුවයි.

එහිදී නේටෝව චීනයට ප්‍රභල චෝදනාවක් එල්ල කළ අතර ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළා.

එමගින් නේටෝව පැවසුවේ දශක ගනනාවක දුරස්ථ තර්ජනයක් ලෙස චීනය දෙස බැලීමෙන් පසුව මේවනවිට චීනය යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයේ තීරනාත්මක සක්‍රීය කරන්නෙකු බවට පත්ව ඇති බවයි.

එමෙන්ම රුසියානු හමුදා බලය යලි ගොඩ නැගීම සඳහා තීරනාත්මක වන ආයුධ කොටස් සහ අනෙකුත් තාක්‍ෂණ නැව්ගත කිරීම නතර කරන ලෙස ද නේටෝව චීනයෙන් ඉල්ලා තිබෙනවා.

ජුලි 10 වැනි දින ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයකට යාමට ටික වේලාවකට පෙර, සන්ධානයේ නායකයින් 32 දෙනා විසින් අනුමත කරන ලද ප්‍රකාශයක මෙම ප්‍රකාශය අඩංගු වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එය 2019 වන තෙක් චීනය කනස්සල්ලට කරුණක් ලෙස නිල වශයෙන් සඳහන් නොකළ නේටෝ සඳහා ප්‍රධාන චෝදනාවකි

 කෙසේවෙතත් යුක්‍රේන යුද්ධයේදී රුසියාවට සහය පළ කරන බවට චීනයට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ