Tuesday, September 17, 2024

General line - 0115112241

දුමින්දගෙන් ඉල්ලීමක් 

තිසර සමල් - අනුරාධපුර     




පහුගිය අවුරුද්දේ කරලා පෙන්නපු නිසා අපි නැවත වතාවක් අවුරුදු 05 කට රනිල්ට මේ රට භාර දෙන ලෙසත්  එයින්  ශ්‍රී ලංකාකාරයෝ යූ.එන්.පී නොවන බවත් , රනිල්ට කතිරයක් ගැහුවා කියලා රනිල් ශ්‍රී ලංකා නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා

ඔහු මේ බව පවසා සිටියේ අනුරාධපුරයේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

" සැප්තැම්බර් 21 ට පාට භේදයක්, පක්ෂ භේදයක්, ආගම්, කුළ -මල භේදයක් නෑ, ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ නොවන ස්වාධීන අපේක්ෂකයෙක් වෙච්ච පුළුවන් තරම් රනිල්ට බැනපු, පුළුවන් තරම් රනිල්ව පරද්දපු අපිම නැවත වතාවක් පහුගිය කාළයේ වගකීම භාර ගෙන ඒ වැඩේ කරලා පෙන්නුව නිසා අපි අවුරුදු 20 -25 ක් බැන්නත් අවුරුදු 25 ක්ම බෑ කියලා කිව්වත්, පහුගිය අවුරුද්දේ කරලා පෙන්නපු නිසා අපි නැවත වතාවක් අවුරුදු 05 කට රනිල්ට මේ රට භාර දෙමු කියලයි අපි කියන්නේ.

හැබැයි ඒකෙන් ශ්‍රී ලංකාකාරයෝ යූ.එන්.පී වෙන්නෙත් නෑ, රනිල්ට අපි කතිරයක් ගැහුවා කියලා රනිල් ශ්‍රී ලංකා වෙන්නෙත් නෑ, 

දැන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයිනේ ඉන්නේ, එක ජනාධිපතිවරයෙක් පත් කර ගන්න කොට ඡන්ද 10 ක් නැති එවුනුත් ලැයිස්තුවේ නම දාලානේ, 

ඒ නිසා ලැයිස්තුවේ අපේ නම තියෙන්නේ 37 ට, වෙනදා නම් උඩින් ගිහින් කතිරය ගැහුවේ දැන් තියෙන්නේ යටින්, දැන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවානේ, එක්කෙනක් සජිත් ප්‍රේමදාස , අනෙක් කෙනා අනුර කුමාර දිසානායක.

සජිත් ප්‍රේමදාස ගැන වැඩිය අපි කථා කරන්න දෙයක් නෑ, එතුමා වැඩියෙන් කට අරින තරමට අපිට ලේසියි.

එතුමාට මේක කර ගන්න බෑ කියලා අපි දන්නවා. 

ස.ජ.බේ කට්ටිය දැන ගෙන හිටියේ නැති වුණාට අනෙක් හැමෝම දන්නවා, සජිත් ප්‍රේමදාස කියන්නේ, විපක්ෂ නායකතුමා කියන්නේ වැඩකාරයෙක් නෙමෙයි කියලා අපි දන්නවා, 

මේ අභියෝගය භාර ගන්න බෑ කියලා අපි දන්නවා.

ඒක එතුමත් පෙන්නලා තියෙනවා.රට වැටුණු වෙලාවේ, හරි නම් විපක්ෂ නායකනේ රට භාර ගන්න ඕන, රටේ ජනාධිපතිව එළෙව්වා, එයා හොරෙන්ම අපිටත් නොකියා නැවක නැගලා පැනලා ගියා, 

මහින්ද මහත්තයාව මිනිස්සු එපා කිව්වා, ආණ්ඩුව ඉල්ලා අස්වුණා.එතකොට හරි නම් ටක් ගාලා ඇවිල්ලා වැඩේ භාර ගන්න ඕන විපක්ෂ නායක, 

හරි මම කරන්නම් රට, රටේ නායකයෙක් නෑ, ආණ්ඩුවක් නෑ, මේක දෙන්න මට කියලා.එයා ආවේ නෑ.

ඒ ආවේ නැත්තේ එයාට ඒ හැකියාව නෑ,ප්‍රේමදාස මහත්තයා එහෙම නෙමෙයි, ප්‍රේමදාස මහත්තයා පක්ෂය ඇතුලෙත් ගේම් ගහලා, එයා වැඩකාරයෙක්, එයාව අපි පිළිගන්නවා.හැබැයි ඉතින් ප්‍රේමදාසගේ පුතා කියලා, වාසගම විතරනේ,ඒ නිසා එතුමා වැඩකාරයෙක් නෙමෙයි කියලා අපි දන්නවා.

දැන් අනුර කුමාර මහත්තයාත් ගොඩක් දේවල් දැන් කියනවා.

අනුර කුමාර මහත්තයා කියන්නේ අවුරුදු 75 ක් මේ රට කෑවාලු, මොනවද කාලා තියෙන්නේ, මේ ගමේ මේ පාරවල් කාපට් වුණේ මේ අවුරුදු 75 ඇතුලේ නේද? 

ඔබතුමන්ලාට මේ ගමට එන කොට ලයිට් ටික තිබුණාද? ලයිට් ටික දුන්නේ කවුද? පාසල්, රෝහල්, පෙර පාසල් , වැව, ඇළවල් හැදුනේ කොහොමද?

 ගමේ ඇතුල් පාරටත් තාර ටිකක් වැටුනේ කොහොමද? 

පානීය ජලය ටික ලැබුණේ කොහොමද? අලිවැට හැදුනේ කොහොමද? 

පානීය ජල පහසුකම් හැදුනේ කොහොමද? ඔය කියන අවුරුදු 75 ඇතුලේනේ ඔය සේරම හම්බුනේ, අපිට කියන්න පුලුවන්ද මුකුත් වුණේ නෑ කියලා, 

හැබැයි ඔය 75 ඇතුලේ හොරකම් කරපු මිනිස්සුත් ඉන්න ඇති, දැන් මේ ගමේ හොරු නැද්ද? 

මේ ගමෙත් හොරු , චන්ඩි, කසිප්පු විකුණන මිනිස්සු, අයිස් ගහන කොල්ලෝ, නරක වැඩ කරන අයත් මේ ගමෙ ඇති, අපි ගමක් ගත්තම මේ හැමෝම ඉන්නවානේ,බොරු නෙමෙයිනේ,මේ අවුරුදු 75 ඇතුලේ හොරාකාපු දේශපාලඥයොත් ඉන්න ඇති, 

දැන් අර අපේ හිටපු ඇමති කෙනෙක් ඉන්නේ හිරේ, රිමාන්ඩ් එකේ තාමත්.රනිල් වික්‍රමසිංහ මහත්තයා බේරලා නෑ, 

කලින් බේරලා ඇති, හැබැයි රනිල් භාර ගත්තාට පස්සේ රනිල් නීතිය අතට අරන් බේරුවාද? දේශපාලඥයෙක් කියලා, 

අන්න රටේ ක්‍රමවේදයක් හැදිලා තියෙනවා.ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට අවුරුදු 75 ක් මේ රටට මුකුත් වුණේ නෑ කියන්න පුලුවන් 

අර ලෙඩක් තියෙනවානේ පරණ දේවල් එහෙම අමතක වෙන, අන්න එහෙම ලෙඩ්ඩුන්ට නම් මතක නැති වෙන්න පුලුවන් මේ පාර හැදිච්ච විදිහ, ලයිට් ආපු විදිහ, පාසල, වැව හැදිච්ච විදිහ.පාර හැදිච්ච විදිහ මුල අමතක වෙන අයට අමතක ඇති.සමහරු ඉන්නවානේ අදට විතරයි ජීවත් වෙන්නේ,

ඊයේ කාපු දෙයක් වත් මතක නෑ, සමහරු ඉන්නවා වයස අවුරුදු 75-80 වෙද්දී එහෙම වෙනවා.හැබැයි අපිට එහෙම නෙමෙයිනේ, අපිට මතකයිනේ මේ ගමට එන කොට ගම තිබුණ විදිහ කොහොමද? 

ඒවා දුන්නේ කවුද ? කොහොමද කියලා දන්නවා.හැබැයි ඒ ගොල්ල කියන්නේ අවුරුදු 75 ක් මේ රට කෑවා.ඒ නිසා ඉතුරු 05 අපිට දීලා බලපන් මේක හරි ගස්සන්න කියලා.

දැන් අනුර කුමාර මහත්තයා තමයි වැඩියෙන්ම භය වෙලා ඉන්නේ.දැන් සමහරු හිතන් ඉන්නවානේ අනුර කුමාර මහත්තයා දිනනවා කියලා.දැන් ගමේ ජෙප්පෝ ටිකත් අනුර කුමාර මහත්තයා දිනනවා කියලා කිව්වට අනුර කුමාර තමයි වැඩියෙන්ම භය.

අර කරුම පඩිසන් දෙනවානේ සමහර වෙලාවට, බැරි වෙලා හරි අපේ රටේ මිනිස්සුන්ට මොනවා හරි වෙලා හරි, මොකක් හරි කරුමයකට, රටේ කරුමටයි, 

අනුර කුමාරගේ කරුමයටයි.බැරි වෙලාවත් 21 වැනිදා අනුර කුමාර දිනුවොත් මොකද වෙන්නේ.අනුර කුමාරට ජනාධිපති වෙන්න වෙනවානේ, ඊට පස්සේ කාවද අගමැති කරන්නේ,කාවද කැබිනට් එකට ගන්නේ.මුළු පාර්ලිමේන්තුවේම ඉන්නේ 03 දෙනයි.

එක්කෙනක් ජනාධිපති වෙනවා, තව එක්කෙනෙක් අගමැති වෙනවා

එතකොට ආණ්ඩුවක් කෝ, ආණ්ඩුව කාත් එක්කද පිහිටුවන්න වෙන්නේ, කැබිනට් එකක් කෝ? කොහොමද ආණ්ඩුවක් හැදෙන්නේ.එහෙනම් අනුර කුමාරට සිද්ධ වෙනවා අර ඉතුරු වෙච්ච ජේ.වී.පී මන්ත්‍රීවරයයි, අර මේ දවස් වල වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහිල්ලා ඒ ගෝලල ඇරෙන්න අනෙක් මුළු පාර්ලිමේන්තුවම හොරු කියන හොරු ටිකත් එක්ක නේද ආණ්ඩුව හදන්න වෙන්නේ.

රටකට ආණ්ඩුවක් එපැයි, ජනාධිපති කෙනෙක් විතරක් පත් වෙලා බෑනේ,ජනාධිපති පත් වුණාම ඊළඟට ආණ්ඩුවක් ඕන.ආණ්ඩුව හදන්න වෙන්නේ හොරුත් එක්කනේ එහෙනම් අනුර කුමාරට.එහෙනම් අනුර කුමාර වේදිකාවේ කියන්නේ බොරුනේ.

අනුර කුමාර දැන් කියයි පහුවදාම අපි පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා.පාර්ලිමේන්තුව විසුරුවහම මැතිවරණය තියන්න මාස 02 ½ ක් යනවා අඩුම කාළය.මේ මාස 2 ½ ක් ආණ්ඩුවක් නැතිව පුළුවන්ද? 

මේ ණය වෙලා ගොඩ යන රටේ, ආර්ථිකය බොහෝම අමාරුවෙන් හදා ගන්න රටේ අපි දන්නවානේ ගමේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා නැතිව, දැන් නිලධාරීන්ගෙන් වැඩ කරගන්න ගියාම තියෙන ප්‍රශ්න අපි දන්නවානේ,

ගමේ මන්ත්‍රීතුමා හෝ මන්ත්‍රීතුමිය හිටියා නම් අපි ගිහින් ඒ මිනිහට තමයි කියන්නේ මළ ගෙදරක් වුණාම වතුර එක අහන්නෙවත් නැතිව එවනවා.

දැන් වතුර ටික ගන්නත් ලේකම්ව හරි කවුරු හරි හම්බෙන්න එපැයි.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නැති එකේ අඩුව තේරිච්ච අපිට ආණ්ඩුවක්, කැබිනට් මණ්ඩලයක් නැති වුණොත් කොහොමද? 

ඇමතිවරු නැති වුණොත් කොහොමද? දුවන්න පුලුවන්ද? රට ආර්ථිකවත් වැටෙනවා, පරිපාලනය පැත්තෙනුත් වැටෙනවා.

රට වැටුණට පස්සේ, අර අරගලයෙන් ගෝඨාභය එලෙව්වේ ඒ වගේ ගමේම ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගමේ ඉන්න ජේ.වී.පී කාරයෝ ටික අල්ලා ගනියි ඉස්සරලාම

ඒ නිසා මේ පාර විතරක් දීලා බලමු කියලා "