Tuesday, September 17, 2024

General line - 0115112241

සජිත්ගෙන් කොළඹ සංවර්ධනයට නව වැඩපිළිවෙලක්




කොළඹ දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොලොන්නාවේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.


ආර්ථිකය සංවර්ධනය කරමින් නව දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජනාධිපති ධුර අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාවගේ අතට මුදල් ලැබෙන නව සංවර්ධන වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බවයි.


ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය මේ වනවිටත් අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් පිළිගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන රැළියක් 



අසීමිත බදු බර රජය ජනතාව මත පැටවීම සාධාරණ නොවන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසන්නේ.

තම රජයක් යටතේ ජනතාවට සහනදායී වැඩපිළිවෙලක් ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවයි කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.